Saturday, October 19, 2024
Follow Us
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ක්‍රීඩාශීලී මිත්‍රත්වය පිළිබඳ සාකච්ඡා

පැරිසියේ Le Méridien හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය 9 වන ක්‍රීඩා අමාත්‍ය සමුළුවට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) සහභාගී විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ක්‍රීඩාශීලී මිත්‍රත්වය පිළිබඳව ද, ඒ හරහා සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, ශ්‍රී ලාංකේය හා කලාපීය  තාරුණ්‍යයේ ක්‍රීඩා, ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවක් පවත්වා ගැනීම මෙන්ම වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳව අමාත්‍යවරයා සුහද පිළිසඳරක නිරත වී තිබේ.

විශේෂයෙන්ම එහි දී ක්‍රීඩාව සම්බන්ධව පවතින ගැටලු, ක්‍රීඩාවේ සංවර්ධනය ඇතුළු සාකච්ඡා ද සිදු වූ අතර විවිධ රටවල ක්‍රීඩා අමාත්‍යවරු රැසක් ද හමු වී ඇත.