Saturday, October 19, 2024
Follow Us
පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ශ්‍රී ලංකා නියෝජනය අද

පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ශ්‍රී ලංකා නියෝජනය ලෙසින් ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අද (28) තරග කළේය.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන 21 හැවිරිදි විරේන් නෙත්තසිංහ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ මූලික වටයේ තරගයකට අද සහභාගි වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන මැලේසියාවේ ලී ජී සියා සමගය.

තරගයේ පළමු වටය ලකුණු 21ට 14ක් ලෙස ජයගැනීමට මැලේසියා ක්‍රීඩකයා සමත්විය.

දෙවන වටය ආරම්භයේදී ඉතා හොඳ තරගයක් ලබාදුන් විරේන් නෙත්තසිංහ දෙවන වටයේ මුල්භාගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

නමුත් අත්දැකීම් බහුල ලී ජී සියා ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් දෙවන වටයත් ලකුණු 21ට 12ක් ලෙස ජයගත්තේය.

ඒ අනුව සමස්ත තරගය මැලේසියා ක්‍රීඩකයා ජයගත්තේ වට 2ට 0ක් ලෙසය.

මූලික වටයේ ජී කාණ්ඩය යටතේ විරේන් සහභාගී වන මීළඟ තරගය ස්පාඤ්ඤ ක්‍රීඩක ෆැබ්ලෝ ඒබියන් සමගින් මේ මස 30 වනදා දහවල් 12ට පැවැත්වීමට නියමිතය.

aruna