Saturday, October 19, 2024
Follow Us
ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව

පාසල්වලින් බැහැර ව සහ අවස්ථා නොමැතිව සිටින මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වන සංවත්සරයට එක්වෙමිනි.

ප්‍රචණ්ඩකාරී ප්‍රහාර පාසල් සහ විශ්වවිද්‍යාල දක්වා ද ව්‍යාප්ත වී ඇති බවත්, යුද්ධයෙන්, ස්වභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
 "යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමඟින්. මිලියන ගණනක් විනාශ වුණා. මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලා යාමට සිදු වුණා. මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා, " යි පැවසූ අග්‍රාමාත්‍යවරයා  වින්දිත දරුවන් රැකබලා ගැනීම සඳහා යුනෙස්කෝවට ප්‍රධාන වගකීමක් පවතින බව ද පෙන්වා දුන්නේය.