Wednesday, October 23, 2024
Follow Us
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ  ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී  අදහස් හුවමාරු කරගනු ලැබිණ.