Wednesday, October 23, 2024
Follow Us
සෞදි අරාබියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැති අතර හමුවක්

18 වන ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා මෙරටට පැමිණි සෞදි අරාබියාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අල් මසීඩ් අබ්දුලසිස් මහතා (Hon.Al masaed Abdulaziz) සහ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් කොළඹ දී පැවැත්විණ.

එහි දී දෙරට අතර මිත්‍රත්වය තහවුරු වන ලෙස තරුණ හා ක්‍රීඩා කටයුතු සඳහා සහයෝගයෙන් වැඩ කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර තානාපති කාර්යාලය හරහා මෙරටට අවශ්‍ය ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගයන් මොනවාද යන්න යොමු කරන ලෙස අල් මසීඩ් අබ්දුලසිස් මහතා දැනුම් දී තිබේ.

මෙරට ක්‍රීඩා සංගම් වෙත උදව් කිරීමට හැකි බවත් සෞදියෙහි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උදව් කරන ලෙසත් ඉල්ලා සිටි ඒ මහතා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සඳහා උදව් කිරීමට ද කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා අදාළ ක්‍රීඩා සංගම් දෙක අතර ගිවිසුම් සූදානම් කරන ලෙස ඉල්ලා සිටි අතර එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට එම අවස්ථාවේදීම දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන් හා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම යන මහත්වරු සහභාගී වූහ.