Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකා බතික් නිෂ්පාදනවලට ජපානයේ ඉහළ ඉල්ලුමක්

ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. ඒ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කර ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබේ.

ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නැරඹීමට ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්වූ අතර ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් පවතිනු දැකගත හැකිවිණි.

එහිදී ශ්‍රී ලාංකේය බතික් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් ජපන් ජාතිකයන් අතර විශාල ඉල්ලුමක් පවතිනු දැක ගත හැකි වූ අතර බතික් ඇදුම් වලින් ජපන් ජාතිකයන් හැඩවෙනු ද දැකගත හැකිවිය. එලෙස ජපන් ජාතිකයන් අතර අපේ රටේ බතික් නිෂ්පාදන වෙනුවෙන් ඇති වූ එම උනන්දුව මෙරට බතික් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නිර්මාණකරුවන්ට මෙන්ම එම නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයින් හටද එය බෙහෙවින් සුබදායී පුවතක් වනු ඇත.