Wednesday, October 23, 2024
Follow Us
අධිකරණ ඇමැති සහ පලස්තීන තානාපති අතර හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H.Zaid මහතා අතර හමුවක් අද (08) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහි දී අදහස් හුවමාරු විය.


පවතින ආර්ථික අර්බුදය යථා තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාවලදී පලස්තීනයේ සහාය සෑම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවට ලබා දුන් බවත්, තානාපතිවරයා මෙහි දී සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දුෂණය අවම කිරීම සඳහා නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබී ඇති බැවින් එම පනත ඉදිරි මාසය තුළ සම්මත කර ගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා මෙහි දී පැවසීය.


අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුවාය.