Wednesday, October 23, 2024
Follow Us
අගමැති සහ තායිලන්ත රජු අතර හමුවක්

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය තායිලන්ත නිල සංචාරය තුළදී බැංකොක්හි රාජකීය මාලිගයේදී මහ වජිරලොන්කොන් රජු (Maha Vajiralongkorn) සහ බිසව හමුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන බෞද්ධ සබඳතා ගැන සඳහන් කළ රජතුමා, මීට වසර 30කට පෙර තමන් ඔටුන්න හිමි කුමරුව සිටියදී මහනුවර දළදා මාලිගාවට ගිය ගමනේ සොඳුරු මතකයන් තවමත් තම හදවතේ පවතින බව සඳහන් කළේය.