Wednesday, October 23, 2024
Follow Us
චීන විදේශ කටයුතු උප ඇමැතිගෙන් ප්‍රකාශක්

ශ්‍රී ලංකාව චීනයේ දිගුකාලීන මිතුරෙකු බව පවසන චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයි ඩොන් මහතා තම රට සැම විටම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා දේශපාලන ස්වාධීනත්වය මෙන්ම සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කරයි.

ඒ මහතා මේ පිළිබඳ සඳහන් කළේ අද (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, වෙළඳ හා වාණිජ කටයුතු, වරාය යටිතල පහසුකම් සංවර්ධනය වැනි අංශ කිහිපයක ආයෝජන වැඩි කිරීමට චීනය ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩසටහනට චීනයේ අඛණ්ඩ සහාය ලැබේ. බොහෝ පාර්ශවවල බලපෑම් නොතකා ශ්‍රී ලංකාව එක් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව උප අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය. ආගමික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමට ශ්‍රී ලංකා බෞද්ධ සංගම් සමග ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට චීනය පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විවිධ ස්වභාවික විපත් අවස්ථාවන්හිදී චීනය ලබා දුන් සහාය අගය කළේය. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේදී ලබා දෙන සහාය ද අගය කෙරුණි. චීනය කොවීඩ් වසංගත සමයේ දී ශ්‍රී ලංකාවට එන්නත් ඇතුළු මානුෂීය ආධාර සහ වෛද්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
චීනයේ යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා මෑතකදී කළ සංචාරය ගැන සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ දී පවත්වන ලද ඵලදායක සාකච්ඡා අනුව කෘෂි ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නංවනු ඇතැයි විශ්වාසය පළ කළේය. මල්වතුඔය ව්‍යාපෘතිය යටතේ ජලය සැපයෙන ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා sreniyata ආයෝජනය කළ හැකි බවත් එළවළු, පලතුරු නිෂ්පාදනය චීනයට අපනයනය කළ හැකි බව බවත් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා පාසල් බෑග් කට්ටල දස දහසක්, අභ්‍යාස පොත්, නිල ඇඳුම් රෙදි තොගයක් සහ පාසල් දරුවන්ට අමාත්‍ය අවශ්‍ය භාණ්ඩ තොගයක් ද මේ භාර දුන්නේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන් හොන්, සහ චීන විදේශ අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක්වූහ.