Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකා පොලීසියට බ්‍රිතාන්‍යයේ පුහුණුවක්

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසියද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ප්‍රකාශ කර තිබේ.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් පැවැති අතර එම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය ද එක්ව සිටියාය.පසුගියදා අරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති එම සාකච්ඡාවේදී ඇය මේ බව කළාය.

තවද එහිදී ‍රටෙහි වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙහිදී සේරා හල්ටන් මහත්මිය ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියාය.

තවද මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය . එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මෑතකදී බ්‍රිතාන්‍යද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුනි.මෑතකදී පැවති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අභිෂේක උත්සවයේදී සිදු වූ සිද්ධීන්ද ආවර්ජනය කරමින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුනි.

බෙන් මෙලර් මහතා මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හතර දෙනෙකු පිළිබඳව සාකච්ඡා කෙරුණි.එහිදී ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔවුන් හතරදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවත් එම අවස්ථාවේදී පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බවත් ප්‍රකාශ කළේය.

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත සංවරණය හා තුලනය වියයුතු බවද නීතිය හා සාමය පවත්වා ගැනීමට අතවශ්‍ය බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.