Wednesday, October 23, 2024
Follow Us
සබඳතා ශක්තිමත් කිරීමට රුසියාවයි චීනයයි එක්වෙයි

බටහිර රටවල් සබඳතා පිරිහීම සහ සම්බාධක පැනැවීම හේතුවෙන් චිනය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට රුසියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ වනවිට ඉන්දියාව සහ වියට්නාමය අතර ශක්තිමත් ලෙස සබඳතා ගොඩනඟා සිටින රුසියාව චීනයේ ඉල්ලීම මත එම සබඳතා බිඳ දැමීමට සූදානම් නොවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එවකට චීන-සෝවියට් සමූහාණ්ඩුව අතර සිදු වූ ගැටුම් නව දේශපාලන ප්‍රවාහය තුළින් ජයගැනීමට දෙපාර්ශ්වයම සමත්වී සිටිය ද, සිය මූලෝපායික හවුල්කාරිත්වය ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට දෙරටම කටයුතු කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වී තිබේ.

 

මේ වනවිටත් ඉන්දියාව සහ රුසියාව අතර 2023-2024 මූල්‍ය වර්ෂයේ ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් රුසියාව සහ චීනය අතර නව සබඳතා ගොඩනැඟුන ද, රුසියාව සමඟ පවතින ඉන්දියාවේ ආර්ථික සබඳතා පුළුල් වෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.