Wednesday, October 23, 2024
Follow Us
ජනපති හා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ ඇමැති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

එසේම "ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා" මැයෙන් ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බවයි එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීමද අවධාරණය කර සිටියේය.