Thursday, October 24, 2024
Follow Us
නැගෙනහිරට චීනයේ පූර්ණ සහයෝගය 

නැ‌ගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත්වීමෙන් පළමු වතාවට කන්තලේ ප්‍රදේශයේ ඉදි කරන ISO 17025 තත්වයෙන් යුතු කාබනික නිෂ්පාදන තත්ත්ව පරික්ෂණාගාරය සදහා චීනයේ යුනෑන් පළාතේ පූර්ණ සහයෝගය ලබා දීමට එකග වි තිබේ.

ඒ සදහා වන විශේෂ සාකච්ඡාවක් යුනෑන් පළාතේ විදේශ සබදතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මා සු ෂින් මහතා සහ ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

කාබනික නිෂ්පාදන තත්ත්ව පරික්ෂණාගාරයේ බීජ පර්යේෂණවලට ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබා දීමට ද මෙම සාකච්ඡාවේදි තීරණය  කෙරිණි.

එවැනි ජාත්‍යන්තර මට්මටේ තත්ත්ව සහතිකයක් ලබා දෙන පර්යේෂණාගාරයක් මෙරට ඉදි වන පළමු අවස්ථාව මෙය විම ද විශේෂත්වයකි.

ඊට අදාළ ගිවිසුම් ගත වීම සිදුවන්නේ  යුනෑන් පළාතේ ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අතරයි.

එය  ඉදිරි මැයි මාසයේ සිදු කිරිමට නියමිතය.

එම ගිවිසුමට අනුව පර්යේෂණාගාරයේ කටයුතු අදියර 02 ක් යටතේ සිදු වන අතර පළමු අදියර යටතේ පස්, බීජ, ජලය සහ පොහොර පරික්ෂා කිරිමේ අවස්ථාව උදා වනු ඇති.

දෙවන අදියර යටතේ සිදු වන්නේ ජාත්‍යන්තර තත්ත්ත්ව සහතිකයක් ලැබෙන පරිදි ඉහත පරික්ෂා කිරිම් සිදු කිරිමය.

 මෙහිදි ආණ්ඩුකාරවරිය විසින් නැගෙනහිර පළාතේ ඉදිරි පස් වසර සදහා වන උපාය මාර්ගික සැලැස්ම මා සු ෂින් මහතා වෙත පිළීගැන්වීම ද සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ ආයෝජන අවස්ථා සදහා යුනෑන් පළාතේ ආයෝජකයන් කැදවා ගැනීම මෙහි අරමුණයි.

ඊට අමතරව සූර්ය සහ සුළං බලයෙන් බලශක්ති උත්පාදනය කිරිම සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.