Thursday, October 24, 2024
Follow Us
ඉන්දීයාවෙන් ලබා දෙන ආධාර සම්බන්ධයෙන් සාකච්ඡාක්

ඉන්දීය රජයෙන් පසුගිය දා ප්‍රදානය කළ යාපනය "සංස්කෘතික මහ මැදුරෙහි" ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව සහ ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන ඩොලර් මිලියන 15 ආධාර මුදල් යොදවමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය.

දෙරටෙහි සංස්කෘතික, ආගමික උරුමයන් තහවුරු කරන සබඳතාවයන් ගොඩනගන නව වැඩසටහන් කිහිපයක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

පසුගිය දා ඉන්දියාවේ දී පැවති සම්මන්ත්‍රණයන් හි දී හමු වූ ආයතන සමඟ ඒකාබද්ධව නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම සාංචි සහ නාලන්දා විශ්වවිද්‍යාල සමගත් මධ්‍ය ප්‍රදේශ් රජය සමඟත් රාමායනයට අදාළ රාමාගේ ගමන් මග වැනි ඉතිහාස ගවේශණ මෙන්ම විවිධ සංස්කෘතික හුවමාරු වැඩසටහන් පිළිබඳවත් ගොඩබිම සහ සාගරයේ පුරාවිද්‍යාමක ගවේෂණ සිදුකිරීම සම්බන්ධයෙනුත් අමාත්‍යවරයා ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත් විය.