Thursday, October 24, 2024
Follow Us
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආන්දෝලාත්මක තීරණය
බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
 
හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙස චාල්ස් රජු දැනුම් දී තිබෙනවා
 
Windsor හි පිහිටි කාමර 10කින් සමන්විත මෙම Frogmore නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයකි.
 
ඒ අනුව රජ පවුලේ මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි
 
හැරී මේගන් 2020 වසරේ අමෙරිකාව බලා පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවන්හිදී ඔවුන්ගේ නවාතැන වූයේ  Windsor හි පිහිටි Frogmore නිවසයි.
 
රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත සඳහන් වන ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු හේතු කර ගෙන චාල්ස් රජු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි
Dinamina