Wednesday, October 30, 2024
Follow Us
ශ්‍රී ලංකාවට IMF සහය ලබාදෙනවා ද?

IMF නිකුත් කළ විශේෂ ප්‍රකාශය මෙන්න


ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පවසයි.

ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වී එම පියවරට එළඹෙන බව නිවේදනයක් නිකුත් කරමින් මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

වොෂින්ටන්හි පැවති IMF සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර, IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva සහ IMF කළමනාකාරිත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

IMF නිකුත් කළ නිවේදනය

(Aruna)