Wednesday, October 30, 2024
Follow Us
චීන පෙර පාසල් දරුවන් ලංකාවට සල්ලි දෙයි

චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්


චීනයේ හැංෂු නගරයේ පෙර පාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී තිබේ.

අඩු ආදායම්ලාභී දරුවන් 1,000ක් සඳහා මෙරට මුදලින් රුපියල් මිලියන 5ක මුදලක් එම දරුවන් විසින් පරිත්‍යාග කරන ලද බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවතින වසංගත සහ ආර්ථික අර්බුදයෙන් මිදීම සිය ප්‍රාර්ථනය බව ද එම දරුවන් ප්‍රකාශ කර තිබේ.

❤️Pupils from the Caihe No.3 Primary School in Hangzhou, #China donated their pocket money of RMB 100,000 (LKR 5 million) to 1,000 #SriLankan students from low-income families for further studies.

Via video, the kids wish #lka could overcome the pandemic & current difficulties. pic.twitter.com/oHvSiMWTHz

— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 23, 2022

(Aruna)