Wednesday, October 30, 2024
Follow Us
පාම් ඔයිල් අපනයනය තහනම් කරයි

ජනපති ගත් තීරණය


දේශීය වෙළඳපොලේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ලබන සතියේ පාම් ඔයිල් අපනයනය තහනම් කිරීමට ඉන්දුනීසියාව තීරණය කර ඇති බව එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසනවා.

ලොව විශාලතම පාම් ඔයිල් නිෂ්පාදකයා වන ඉන්දුනීසියාවේ, දේශීය වශයෙන් පාම් ඔයිල් හිඟයක් මතුවීම ඊට හේතුවයි.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ එළවළු තෙල් අපනයනය අඩාල වීමද ඉන්දුනීසියානු පාම් ඔයිල් සඳහා ඉහළ ඉල්ලුමක් ලැබීමට හේතුවක්.

මේ නිසා ඉන්දුනීසියානු අපනයනකරුවන් දේශීය වෙළඳපොලේ අවශ්‍යතා නොසළකා පාම් ඔයිල් අපනයනයට පෙළඹී සිටිනවා.

මෙලෙස දේශීය වෙළඳපොලේ වගකීම් සපුරාලීමකින් තොරව අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ඉන්දුනීසියානු වෙළඳ අමාත්‍යාංශයේ දූෂණයක් සිදුව ඇති බවටද එරට නීතිපතිවරයා චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් සිංගප්පූරු විල්මා ජාත්‍යන්තරයේ අනු සමාගමක් ඇතුලු එරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් නිෂ්පාදන සමාගම් 3 ක නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

(Aruna)