Wednesday, October 30, 2024
Follow Us
ලංකාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක මූල්‍ය උපකාරයක්

ලංකාවට හදිසි මානුෂීය ආධාර තොගයක්


ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක මුල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකග වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පැවසීය.

ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පල කර ඇති බව ද විදේශ අමාත්‍යවරයා පවසා සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ දී විදේශ අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා අදාළ ප්‍රකාශය සිදුකළ බවය.

මේ අතර ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව චීනය පැවසීය.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිත ආයතනය එක්ව අදාළ ආධාර ලබාදීමට තීරණය කර ඇති බවය.

වත්මන් දුෂ්කරතා මගහරවා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම අධාර ලබාදෙන අතර ලබාදෙන ආධාර පිළිබද තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

(Aruna)