සිදුවීම ගැන විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පවත්වන්න
රඹුක්කන ප්රදේශයේ ඇති වූ ප්රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධ තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසයි.
ඇය මේ බව සදහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
විරෝධතාකරුවන්ට මෙන් ම පොලිසියට ද එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය හෙළා දකින බව ඇය සදහන් කරයි.
සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ද ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ත්, සාමකාමී විරෝධතාවල නිරත වීම සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ත් ජූලී චංගේ ට්විටර් පණිවුඩයේ සදහන් වේ.
Ambassador Julie Chung
@USAmbSL
I am deeply saddened by the horrible news coming out of Rambukkana. I condemn any violence - whether against protesters or police - and call for restraint & calm from all sides. A full, transparent investigation is essential & the people’s right to peaceful protest must be upheld
(Aruna)