උගන්ඩා සමාගමෙන් නිකුත් කල නිවේදනය මෙන්න
අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
නොමඟ ගිය පිරිසක් විසින් එල්ල කරන මෙම චෝදනා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම සඳහන් කරයි.
තම ආයතනයේ ආරම්භය, උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ ආකාරයනොදන්නා පිරිසක් මෙම වාර්තා පල කර ඇති බව ඔවුන් පවසයි.
පදනම් විරහිත දේශපාලන ප්‍රචාරවලට සම්බන්ධ නොවී ඒවාට ප්‍රතිචාර නොදැක්වීමට තීරණය කළ ද, පසුව අයතනයේ ගරුත්වය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(Aruna)