මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එය (08) රාත්‍රියේ සිට ම එහි ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව අද රාත්‍රියේ සිට මෙරට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයන්ට විසඳුම් සොයා අයි.එම්.එෆ්. තාක්ෂණික සහාය ලබා ගැනෙනු ඇති.
මේ අතර, ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ප්‍රමාණවත් ලෙස සිදු වී නොමැති බැවින් ඊට අදාළ කටයුතු සඳහා කඩිනමින් මැදිහත් වන බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා.
(Aruna)