කම්මුල් පහර ගිය දුර
අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ.
පසුගියදා පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස් වූ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර ඇත.
(Aruna)