පළමු තරගය චෙන්නායි සහ කොල්කටා අතර
15වන වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් (26) ආරම්භ වේ.
පළමු තරගය වත්මන් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය රවින්ද්‍ර ජඩේජා නායකත්වය දරණ අතර, චෙන්නායි සුපර්කිංග්ස් සහ ශ්‍රියාස් අයියර් මෙහෙයවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම වසරේ සිට කණ්ඩායම් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් මූලික වටයේ තරග 70 ක් / අවසන් පූර්ව තරග 02 ක් හා අවසන් මහා තරගය ලෙස සමස්ත තරග 73 ක් මෙවර තරගාවලියට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකුද 2022 අයි පී එල් තරගාවලිය නියෝජනය කරනු ඇත.
ඒ අනුව වනිඳු හසරංග බැංගලෝර් කණ්ඩායමත්, දුෂ්මන්ත චමීර ලක්නව් පිළත්, මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම සඳහාත් ක්‍රීඩා කරනු ඇත.
චාමික කරුණාරත්න කොල්කටා කණ්ඩායමටත් භානුක රාජපක්ෂ පංජාබ් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.
සමස්ත තරගාවලිය දින 65 ක් පුරා පැවැත්වෙන අතර, ඉන් මූලික වටයේ තරග මැයි 22 දක්වා පැවැත්වීමට නියමිතයි.
(Aruna)