තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න කියයි
ලෝක වෙළඳපොලේ බෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇත.
එය වාර්තා වන්නේ ඩොලර් 98ක් ලෙසයි.
සති දෙකකට පසු බොර තෙල් මිලේ වාර්තා වූ අඩුම අගය එයයි.
දින කිහිපය තුළ බොර තෙල් මිල අඩු වීමට හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පැවති සටන් විරාම සාකච්ඡාවල ප්‍රතිඵල සහ නැවතත් චීනයේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ චීනයේ බොර තෙල් ඉල්ලුම අඩු වනු ඇතැයි අපේක්ෂා කිරීම ඇතුළු සාධක ගණනාවක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
මෙලෙස ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩු වීමෙන් ලැබෙන වාසිය ජනතාවට ද ලබා දීමට කටයුතු කළ යුතු බව ද විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
(Aruna)