රුසියාව ගැන ගූගල් ගත් තීරණය මෙන්න
යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට ගූගල් සේවා තහනමක් පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්රියාත්මක වන බවත් ප්රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේය.
රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තුළ ප්රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත.
රුසියන් ටුඩේ යනු යූ ටියුබ් ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.
යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බව ගූගල් යුරෝප් වැඩිදුරටත් පවසා තිබේ.
(Aruna)