Thursday, October 31, 2024
Follow Us
පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාව කඩුළු 6ට ලකුණු 137


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගයේදි පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 63 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී ඉන්දීය පිල වෙනුවෙන් ඉෂාන් කිෂාන් පන්දු 56කදි ලකුණු 89ක් රැස්කර ගත්තේය.

ඊට හතරේ පහර 10ක් සහ දැවැන්ත 6යේ පහර 3ක් ද ඇතුළත් වේ.

ශ්‍රේයර්ස් අයියර් නොදැවී ලකුණු 57ක් ලබාගත්තේය.

ඊට අමතරව නායක රෝහිත් ෂර්මා ලකුණු 44ක් ලබාැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණියි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 53ක් රැස්කර ගැනීමට සමත් විය.

චරිත් අද වාර්තා කළේ පන්දුවාර විස්ස ක්‍රිකට් දිවියේ තෙවන අර්ධ ශතකයයි.

ඔහුගේ එම අර්ධ ශතකයට හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

ඔහුට අනගි සහායක් ලබාදුන් දුෂ්‍යමන්ත චමීර පන්දු 14කදී දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් විය.

චමිල්ක කරුණාරත්න ලකුණු 21යි.

ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය 1ට 0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටියි.

(Aruna)