යුගදනවි බලාගාර කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අමෙරිකානු “නිව් ෆෝට්රස්” සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම සමාගම ස්වභාවික ද්‍රව වායු සැපයීම සම්බන්ධයෙන් ලෝකයේ ඇති ප්‍රමුඛතම මෙන්ම විශාලතම සමාගමක් බවයි.
මෙම ගිවිසුමට කැබිනට් තීරණ කිහිපයක් ඇති බවත්, ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිව් ෆෝට්රස් සමාගම තෝරා ගත් බවත් ඔහු පවසා තිබෙනවා.
යුගදනවි බලාගාර කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම අද දින සිදු කිරීමට නියමිතයි.
අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවනවා.
පෙත්සම්කරුවන් පවසන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය යුක්ති සහගත නොවන බවයි.
(NEth)