පුද්ගලයින් 200කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්
බ්‍රසීලයේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
වර්ෂා තත්ත්වයන් හේතුවෙන් බරපතළ ම හානි සිදු වූයේ පෙට්රෝපොලිස් නගරාසන්න ප්‍රදේශවලටයි.
පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අතුරුදන් වූ පිරිස් සෙවීම සඳහා මේ වන විටත් බ්‍රසීලයේ ගලවා ගැනීමේ කණ්ඩායම් දින හතරක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
කෙසේ වෙතත් මුදාගැනීම් කණ්ඩායම් ප්‍රධානී පවසන්නේ, මේ වන විට අතුරුදන්ව ඇති පිරිසගේ ජීවිතය සම්බන්ධයෙන් තබාගතහැකි බලාපොරොත්තු ඉතාමත් අල්ප බවයි.
කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව නිල වශයෙන් දක්වා ඇත්තේ 147ක් වශයෙන්.
(Aruna)