මරණයට පත්වී ඇත්තේ කාන්තාවන් සහ ළමුන්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් ප්‍රදේශයේ මංගල උත්සවයක් අතර පිරිසක් ළිඳකට ඇද වැටීමෙන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
මරණයට පත්වී ඇත්තේ කාන්තාවන් සහ ළමුන් වන අතර ළිඳ ආවරණය කර තිබූ ලෝහ තහඩුවක් මත අසුන්ගෙන සිටියදී ඔවුන් ළිඳට ඇද වැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
විශාල පිරිසක් එම තහඩුව මතට පැමිණීම හේතුවෙන් ඇතිවූ අධික බර හමුවේ එය කඩා වැටී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
තවත් දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙම සිද්ධිය හදවත කළඹන සිදුවීමක් බවටයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ.
අනතුර සිදුවූ අවස්ථාවේ එහි පැමිණ සිටි අනෙක් අමුත්තන් විපතට පත් වූවන් අසල පිහිටි රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.
පුද්ගලයන් 11 දෙනෙකු එම අවස්ථාවේදීම මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇතැයි සඳහන්.
උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් වින්දිතයින්ගේ පවුල්වලට සහය වන ලෙස දිස්ත්‍රික් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර ඔවුන්ට වන්දි ගෙවන බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
(Aruna)