යුක්‍රේන අර්බුදය තවදුරටත් උණුසුම් කරමින් රටවල් රැසක් සිය රටවැසියන්ට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබෙනවා. ඒ, අමෙරිකාව සහ බි්‍රතාන්‍ය ගත් මඟ යමින්. එම රටවල් අතරට නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, ජර්මනිය, කැනඩාව සහ ඊශ්‍රායලය ද අයත්.
ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. යුක්‍රේනය පවසන්නේ රුසියාවේ මීළඟ පියවර පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි. රුසියාව විසින් යුක්‍රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා තිබෙනවා. ඒ, රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්‍රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. එහෙත් රුසියාව දිගින් දිගටම පවසන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ඒ අනුව අමෙරිකාව, බි්‍රතාන්‍ය ඇතුලු රටවල් මේ වන විට කටයුතු කරන්නේ මවාගත් බියකින්දැයි ඇතැම් පාර්ශව ප්‍රශ්ණ කරනවා.
(Neth)