Thursday, October 31, 2024
Follow Us
මෙරටට යුරෝපයේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

මෙම වසර ආරම්භයත් සමඟ විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය වුවද, වැඩි පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව හා ඒ ආශ්‍රිත රටවලින් බව ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය පවසනවා.

එහි සභාපති හෂාන් ෆොන්සේකා පැවසුවේ යුරෝපා කලාපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව මෙතෙක් වර්ධනයවී නොමැති බවයි.

විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා එක් එක් රටවල තානාපති කාර්යාල හරහා විධිමත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ද ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)