තරග 45ක ප්‍රවේශපත් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් අලෙවි වෙයි
මෙම වසර අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා වන ප්‍රවේශපත් සියල්ල, ප්‍රවේශපත් වෙන් කර ගැනීම ආරම්භ වී මිනිත්තු 5ක් තුළ විකිණී ඇතැයි වාර්තා වේ.
ගෙවුණු වසර කිහිපයේදීම ඉන්දියාව සහ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදීම මුණගැසෙන අතර එම තරගය ආසියාවේ වැඩිම පිරිසක් රූපවාහිනියෙන් නරඹන තරගය ලෙසටද වාර්තා අතර සඳහන් වේ.
මේ වනවිට එම තරගාවලියට අදාළව පැවැත්වෙන තරග 45ක ප්‍රවේශපත් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් විකිණී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ලක්ෂ 8කට ආසන්න ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් එරට ක්‍රිකට් ආයතනය විසින් බලාපොරොත්තු වන බවද එම ආයතනය නිවේදනය කර සිටී.
(Aruna)