ඔමික්‍රොන් ආසාදිතයින් මිලියන 90 ක් හඳුනාගැනේ
කොවිඩ් 19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ සුලු කොට තැකීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටියි.
මීට සති 10 කට පෙර පළමුවෙන් හඳුනාගත් අවස්ථාවේ සිට මේ දක්වා ඔමික්‍රොන් ආසාදිතයින් මිලියන 90 ක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් පෙන්වා දෙයි.
එය පසුගිය 2020 වසරේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවද අභිබවා යෑමක් බව ඔහු සදහන් කරයි.
ඔමික්‍රොන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අඩු මට්ටමක පැවතියද වෛරසයේ අවධානම පහව ගොස් නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
(Aruna)