යටිතල පහසුකම් උදෙසා වැඩි මුදලක්
කොරෝනා වසංගතයෙන් පසු ලොව වේගවත්ම ආර්ථික පුනර්ජීවනය ඉලක්ක කර ගත් 2022 වසර සඳහා වූ නරේන්ද්‍ර මෝදි රජයේ අයවැය ඉන්දීය පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කළා.
යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා වැඩි මුදලක් වැය කරන අතරම, දුප්පත් ජනතාවට ලබාදෙන සහන අඛණ්ඩව පවත්වා ගැනීමට ද එමගින් අපේක්ෂා කෙරෙනවා.
ඒ යටතේ ගොවීන්ට සිය නිෂ්පාදනවල අවම මිල ගණන් පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2700ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
අයවැය ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් කියා සිටියේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ළය පහසුකම් ලබාදීම සදහා ඉන්දීය රුපියල් බිලියන 2000ක් වෙන් කරන බවයි.
(Aruna)