විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ 5 වන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු හමුව 2022 ජනවාරි 20 වන දින පැවති අතර එහිදී අපජල කළමනාකරණ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධිය මෙන්ම කාර්මික සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් දෙරට අතර පවතින විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සහයෝගීතාවය තවත් වසර තුනකට දීර්ඝ කරන ලදී.
2. මෙහිදී ඉන්දීය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි සහ ඉන්දීය සම සභාපති, ඉන්දියාවෙි විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සහයෝගීතා අංශයේ ප්‍රධානි සහ උපදේශක එස්. කේ. වර්ෂ්නේ මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට බුද්ධිමය, සංස්කෘතිකමය සහ ආගමික අන්තර් සබඳතා සහ බැඳීම් සම්බන්ධයෙන් වසර 2500කට වඩා පැරණි ඉතිහාසයක් පවතින බවයි. වෙළඳ සහ ආයෝජන සහ අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය මෑත කාලීනව ඉහළ ගොස් ඇති බව ද මේ අනුව විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය ඉතා තීරණාත්මක වී ඇති බව ද එතුමා සඳහන් කළේය.
3. මෙම හමුව විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවයක් ඇති කරගත හැකි වෙනත් විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසන බව ද ද්විපාර්ශවික සහයෝගීතාවය උදෙසා අවස්ථාවන් රැසක් පවතින බව ද එතුමා ප්‍රකාශ කළේය. ඉන්දියා විද්‍යා සහ තාක්ෂණ සහයෝගීතාවය සහ e-ITEC වැනි සහයෝගීතා වැඩසටහන් ඉන්දියාව විසින් පිරිනමන බව ද බිම්ස්ටෙක් වැනි බහුපාර්ශවීය වැඩසටහන් හරහා දෙරටටම එක්ව කටයුතු කළ හැකි බව ද එතුමා සඳහන් කළේය.
4. ශ්‍රී ලංකා සම සභාපතිත්වය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මිය විසින් දරන ලද අතර එතුමිය සඳහන් කළේ දෙරට අතර මනා ද්විපාර්ශවික සබඳතාවයක් පවතින බවයි. ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක දැනුම ඉහළ නැංවීම උදෙසා සහ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහ පර්යේෂණ අංශයන්හි ඉන්දීය සහයෝගීතාවය එතුමිය සාදරයෙන් පිළිගත්තාය.
5. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාවයට මඟ පෙන්වන ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම හමුව පවතින සහයෝගීතා වැඩසටහන් ශක්තිමත් කිරීමට සහ ඉහළ තලයකට ගෙනයාමට ඉවහල් වනු ඇති බවයි. e-ITEC වැඩසටහන යටතේ 2020 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලාංකිකයන් 550 දෙනෙකු ජෛව තාක්ෂණය, වෛද්‍ය පර්යේෂණ, පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි විවිධ ඉන්දියානු ආයතනවල පුහුණු අවස්ථාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
6. ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කඳුරුගමුව මහතා ද මෙහිදී අදහස් දැක්වීය. විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය සමාජ ආර්ථික සහ තිරසාර සංවර්ධනයේ ප්‍රධාන අංගයක් බව සඳහන් කළ එතුමා විද්‍යාවේ උපාංග 2030 තිරසාර සංවර්ධන අභිමතාර්ථයන් ළඟා කරගැනීමට අවස්ථාව ලබා දෙනු ඇති බව ද විද්‍යා සහ තාක්ෂණ සහ නවෝත්පාදන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට හොඳම අවස්ථාව එළඹ ඇති බව ද එතුමා ප්‍රකාශ කළේය. රටක ප්‍රගතිය සඳහා ශක්තිමත් ද්විපාර්ශවික සහයෝගීතාවයක් අතිශය වැදගත් වන බව ද ශ්‍රී ලංකාව ඵලදායි ඒකාබද්ධ සහයෝගීතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කඳුරුගමුව මහතා සඳහන් කළේය.
7. දෙරටෙහි නියෝජිතයන් විසින් මෙහිදී තම රටවල දැනට ක්‍රියාත්මක විද්‍යා සහ තාක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනිණ. ඉන්දීය පාර්ශවය මෙහිදී සමස්ත විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්තිය සහ විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික අභිමතාර්ථානුකූල ප්‍රමුඛතා ක්ෂේත්‍ර, විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ බහු-පාර්ශවකාර පදනම, විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ මෑතකාලීන ප්‍රගතිය මෙන්ම NM-ICPS, NM-QTA සහ මෙතනෝල් මෙහෙයුම වැනි මෙහෙයුම් සහ VAJRA, TARE, Vigyan Jyoti සහ Accelerate Vigyan වැනි නව පියවර හරහා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ අනාගතය තහවුරු කිරීමට දක්වන අවධානය වැනි කරුණු ඉදිරිපත් කළේය. ඉන්දියාවේ ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණ ක්‍රියාකාරකම් ද මෙහිදී විස්තර කරන ලදී. ශ්‍රී ලංකා නියෝජිත පිරිස රට තුළ ක්‍රියාත්මක විද්‍යා සහ තාක්ෂණ කටයුතුවල පරිමාණය සහ තත්ත්වය ද ජාතික වශයෙන් වැදගත් විවිධ අංශයන්ට ඒවා යොදාගන්නා ආකාරය පිළිබඳ කරුණු ද ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම, ඉන්දියාවේ විද්‍යා සහ කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය අදාළ විද්‍යාත්මක ඒජන්සි විසින් ක්‍රියාවට නංවා ඇති දේ පිළිබඳව සහ දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි සහයෝගීතා ව්‍යාපෘතීන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
8. දෙරටෙහි නියෝජිතයෝ ආහාර තාක්ෂණය, ශාක පැළෑටි පදනම් කරගත් ඖෂධ, කාලගුණ විද්‍යාව,අභ්‍යවකාශ පර්යේෂණ සහ යෙදවුම්, රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය, කාර්මික ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පුනර්ජනනීය බලශක්තිය, කසළ කළමනාකරණය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන ක්ෂේත්‍ර නවය තුළ සහයෝගීතා ක්‍රියාකාරකම් සමාලෝචනය කළ අතර අනාගත කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ.
9. නියෝජිත මණ්ඩලය දෙරට අතර සහයෝගීතා වැඩසටහන තවත් වසර තුනකට දීර්ඝ කිරීමට එකඟ විය. මේ අතර මෙයට ඇතුළත් කළ හැකි අපජල තාක්ෂණය, කාර්මික සහ ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව අංශ ද මෙහිදී හඳුනාගන්නා ලදී. විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ නව ඒකාබද්ධ යෝජනා සඳහා ඇරයුම් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර සහයෝගීතා පර්යේෂණ ඉහළ නැංවීමට සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට පවතින වසංගත තත්ත්වය තුළ අන්තර්ජාල සම්මන්ත්‍රණ වැඩි වශයෙන් පැවැත්විය යුතු බවට නිර්දේශ කෙරිණ.
මෙම පුවත්පත් නිවේදනය 2022 ජනවාරි 20 වන දින නව දිල්ලියේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය ඇසුරින් සකස් කරන ලදී.)
***
කොළඹ
2022 ජනවාරි 21