මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු අප්රිකාවේ පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද මේ වන විට එරට විවිධ පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
මෙය සිදු කෙරෙනේනේ දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකරගේ සෘජු මැදිහත් වීමෙන්.
මෙරට ආර්ථිකය ගොඩ නැගීම සඳහා ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
දකුණු අප්රිකාවේ තීරු බදු රහිත වෙළදසැල් හරහා සිලෝන් ටී මිලදී ගැනීමටද දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අවස්ථාව සලසා දී තිබෙනවා.
එමෙන්ම ජීවනී සහ ත්රීපෝෂ අප්රිකාණු රටවලට හදුන්වා දීම සඳහා යුනිසෙෆ් ආයාතනය සමග සාකච්ඡා කරමින් සිටින බවයි දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)