මෝටර් රථ සමාගම් තුනක සිදුවන වෙනස්කම්
ලොව ජනප්‍රිය මෝටර් රථ සමාගම් කිහිපයක්ම මේ වන විට වාහන නිෂ්පාදන විවිධ වෙනස්කම් සිදුකරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අනාගතයේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට ඉඩ ඇතැයි ඔවුන් අපෙක්ෂා කරයි.
ඒ අනුව ඔවුන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රවර්ධනය කිරීම සදහා විවිධ අයුරින් සිය නිෂ්පාදන වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් එකතු වී විදුලි වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැළසුම් කර ඇත.
ඒ සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ඉදිරි වසර 5 තුළදී ඩොලර් බිලියන 23ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.
2030 වනවිට කාණ්ඩ 5ක් යටතේ විදුලි වාහන මාදිලි 30ක් පමණ නිර්මාණය කිරීම එම සමාගම්වල සැලසුම වී ඇත.
(Aruna)