Thursday, October 31, 2024
Follow Us
ලෑන්ඩ් කෲසර් නිෂ්පාදනය නවතා දමයි

ටොයෝටා සමාගම හදිසියේම ගත් තීරණය


මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළම නමක් දිනාගෙන සිටින ජපානයේ ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිෂ්පාදනය තාවකාලිකව නතර කර තිබේ.

ටොයෝටා සමාගම නිවේදනය කරන්නේ නවතම ලෑන්ඩ් කෲසර් එස්.යූ.වී. රථයක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට වසර 4ක් පමණ් බලාසිටීමට සිදුවිය හැකි බවයි.

ඊට හේතුවී තිබෙන්නේ “චිප්” හිගය හෝ සැපයුම් ජාලාවල ඇති ගැටළුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සත්‍ය කාරණය එය නොවන බවත්, නමුත් ඊට නියම හේතුව හෙළිකිරීම ටොයෝටා සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් ටොයෝටා සමාගමේ වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ ඇති කර්මාන්ත ශාලා 11ක නිෂ්පාදන ධාරිතාව අඩුකිරීමට තීරණය කර ඇති බවයි.

“ලෑන්ඩ් කෲසර් රථය ජපානයේ පමණක් නොව ලොව බොහෝ රටවල ජනප්‍රියයි. නමුත් අපි සමාව ඉල්ලනවා, ඔබේ වාහනය ලබාදෙන්න අපිට කල්ගත වෙනවා.”
ලෑන්ඩ් කෲසර් රථය 1951 වසරේදී එළිදක්වා ඇති අතර, ඉතා වැඩි ඉල්ලුමක් ඇති සුඛෝපභෝගී වාහනයක් ලෙස පෙරමු‌ණේ තිබේ.

ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ධනවත් පුද්ගලයින් අතර ඉතා ජනප්‍රිය වාහනයක් බව කවුරුත් දන්නා රහසකි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන් රැසක්ම භාවිතා කරන වාහනය ද ලෑන්ඩ් කෲසර් මෝටර් රථයයි.

(Aruna)