ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් 630ක සහනයක්
සිසුන් සදහා වීසා ගාස්තු කපා හැරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය අනාවරණය කළේ අද සිට ඉදිරි මාස 02 සදහා එය බලාත්මක වන බවයි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඒ බව සදහන් කළ බවද එරට මාධ්‍ය සදහන් කරයි.
මේ අනුව එක් අයෙකු සදහා ඩොලර් 630ක් බැගින් වන මුදලක් මෙලෙස කපා හැරෙනු ඇත.
මේ වන විටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000කට ආසන්න පිරිසක් සදහ මෙම සහනය හිමිවනු ඇත.
දැනට දැඩි හිගයක්ව පවතින් ක්ෂේත්‍ර කිහිපයක රැකියා සදහා පුද්ගලයන් වැඩි වශයෙන් යෙදවීම සලකා බලා මෙම තීරණය ගත් බවද ස්කොට් මොරිසන් එරට මාධ්‍ය වෙත වැඩිදුරටත් සදහන් කර තිබේ.
(Aruna)