රක්තපාත උණෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් මරුට
කොවිඩ් – 19 වසංගතයට අමතරව රක්තපාත උණක්ද පැතිර යැම හේතුවෙන් යළි නොසන්සුන් තත්ත්වයකට චීනය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීයන්ගෙන් පැතිරෙන බවට සැකකෙරෙන මෙම රක්තපාත උණ හේතුවෙන් මේ වනවිටත් වයඹදිග චීනයේ ෆැන්සි පළාතේ පුද්ගලයන් කිහිපදෙනෙක් මරණයට පත්ව තිබේ.
මෙම වසරේ ශීත සෘතුව ආරම්භයේ සිට වේගයෙන් ව්‍යාප්ත වන මෙම උණ රෝගය, පොදු බෝවන රෝගයක් ලෙසින් වෛද්‍ය විශේෂඥයන් හඳුන්වා දී ඇත. මීට පෙර වසරවලද ඔක්තෝබර් මාසවලදී මෙම රෝගය ව්‍යාප්තව ඇති බව වාර්තා වන නමුත් මෙවර තත්ත්වය තරමක් බරපතළ බවට සෞඛ්‍ය අංශ කනස්සල්ල පළකර තිබේ.
2019 වසරේදීද මෙම රක්තපාත උණ රෝගය හේතුවෙන් චීනයේ මොංගෝලියානු කලාපයේ මරණ වාර්තා වී ඇත. මෙම රක්තපාත උණ ප්‍රධාන වශයෙන් මීයන් ඇතුළු මූෂික වර්ගයට අයත් Apodemus agrarius නම් සත්ත්ව කොට්ඨාසය මගින් සම්ප්‍රේෂණය වේ. මීයන්ගේ රුධිරය හෝ අසූචි ස්පර්ශ කිරීමෙන් එය ආසාදනය වන බව පැවැසේ. සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් හදිසියේම රක්තපාත තත්ත්වය ඇතිවී මරණ සිදුවන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
චීනයේ ප්‍රධාන ධාරාවේ පුවත් සේවා ආරම්භයේදී මෙම රෝගය පිළිබඳව ප්රවෘත්ති එතරම් වාර්තා නොකළ නමුත් වීචැට් (WeChat) සහ කිව්කිව් (QQ) ආදී සමාජ ජාල ඔස්සේ රෝගය පිළිබඳ තොරතුරු ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට එහි සැබෑ තත්ත්වය අනාවරණය වී ඇත.
(Aruna)