කොවිඩ් ගැන බය හිතෙන පරීක්ෂණ වාර්තාවක් එළියට
කොවිඩ් වෛරසය ආසාදනය වූ පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවන බවට විශේෂ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙල්ජියමේදී මෙම විශේෂ පරීක්ෂණය සිදුකළ බවයි.
මෙම විශේෂ පරීක්ෂණය සඳහා කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පිරිමි පුද්ගලයන් 120ක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්ෂා කළ විට පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 60%කගේ ශූක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූ බව අනාවරණය වී ඇත.
ආසාදනය වී මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් ලෙස අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම පරීක්ෂණයේදී අනාවරණ වී ඇති තවත් සුවිශේෂී කරුණක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය පහළ බැසීමයි.
කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්ෂා කළ විට, පර්යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය පහළ බැස ඇති බවද එහිදී අනාවරණ වී ඇත.
රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.
(Aruna)