තිරසර සංවර්ධන ඉලක්ක සාක්ශාත් කර ගැනීම සඳහා අදාල ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එකඟතාව පළකර ඇත. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.
රටේ පවතින ප්‍රමුඛතාවන් වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට සහය ලබාදියහැකි නව මාර්ග පිළිබඳ ගවේෂණය කිරීම යනාදිය පිළිබඳව අවධානය යොමු කිරීම සහකාර මහලේකම් වරියගේ සංචාරයේ අරමුණ විය.
කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන පසුබෑම් වලින් මිදී යලි යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව රට යතා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව විග්නරාජා මහත්මිය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත් සංචාරක කර්මාන්තය නගාසිටුවීමට යොදාගත හැකියි.ඉන් රටේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී සහයක් ලැබෙන බවද ඇය කියා සිටී.
(LNW)