Friday, November 01, 2024
Follow Us
මහා පිපිරීමකින් විශාල පිරිසක් මරුට

පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ


පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ අපදද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකරන බවය.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

අනතුරින් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

(Aruna)