පාකිස්තානය දැනට මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණයෙන් මිදීම සදහා වන එකම මග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බව එරට විපක්ෂය අවධාරණය කරනවා.
ඉස්ලාමාබාද්හි පැවති පාකිස්තාන විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින් ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ නායක මවුලානා ෆස්ලූර් රෙහෙමාන් සහ එරට ජාතික සභාවේ විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් මෙම අදහස් පළ කළා.
එහිද ඔවුන් කියා සිටියේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළයාම, විදුලි ගාස්තු සහ තිරිගු පිටි මිල අසාමාන්‍ය ලෙස ඉහළයාම සහ ඩෙංගු රෝගය අවදානම් ලෙස ඉහළ යාම හේතුවෙන් මේ වන විට පාකිස්තාන ජනතාව දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දී ඇති බවයි.
මේ පිළිබද ඒකාබද්ධ විපක්ෂය විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව පකිස්තාන විපක්ෂයේ සියලු පක්ෂවල ඉල්ලීම වී ඇත්තේ ඉක්මන් මහ මැතිවරණයක් පවත්වා රටේ පාලනය සුදුසු පාර්ශවයකට භාරදීම බවත් විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් සදහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ගොවියන්, කම්කරැවන්, වෛද්‍යවරැන්, නීතිඥයන්, ගුරැවරැන් ඇතුළු රටේ සියලුම ජනකොටස් පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.
ඒ අනුව පාකිස්තාන විපක්ෂය හැකි ඉක්මනින් මහා මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් එරට තුළ අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
(Neth)