අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති පුද්ගලයන්ට, නීතිවිරෝධී මුල්‍ය කටයුතුවලට, මුදල් විශුද්ධිකරණයට වැනි නීතිවිරෝධී මුල්‍ය කටයුතු සඳහා කොළඹ පෝර්ට් සිටියේ පරිසරය විවෘත වනු ඇති බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. මේ නිසා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය නගර පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ඇමරිකාව තවදුරටත් සැළකිල්ලෙන් පසුවන බවයි ඇය පවසන්නේ.
තානාපතිවරිය මේ බව පවසා තිබෙන්නේ උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමග පැවති සාකච්ඡාවකදීය.
මෙතරම් විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නීති රෙගුලාසි සකස් කිරීමේදී දැඩි සැළකිල්ලක් දැක්විය යුතු වන නමුත් වරාය නගර පනත සම්බන්ධයෙන් එවැනි සැළකිල්ලක් දක්වා නොමැති බවද තානාපතිවරිය පවසනවා. වරාය නගර පනත තුළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ අසාධාරණ තරග සඳහා දොර විවෘත කර ඇති බවද ඇය පෙන්වා දෙනවා.
මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වන ඇමරිකානු සමාගම් ප්‍රවේසම් සහගත වියයුතු බවයි ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඕනෑම විදේශීය නිලධාරියකුට යම් මුදලක් ගෙවීමට පොරොන්දු වීම එක්සත් ජනපදයේ විදේශ දූෂණ පනත (FCPA) යටතේ නීතිවිරෝධී කටයුත්තක් යැයිද තානාපතිනිය සඳහන් කර තිබෙනවා.
(LNW)