අද අලුයම පාකිස්තානයේ සිදු වූ දේ
පාකිස්තානයේ – බලොචිස්ථාන් ප්‍රාන්තයේ අද(07) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනයෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය ගිය අය අතර කාන්තාවක සහ ළමයින් 06 දෙනෙකුද සිටින බව වාර්තා වේ.
කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.7ක අගයක් ගෙන ඇති බවද සඳහන් ය.
මේ වනවිට පකිස්තානයේ කලාප රැසක විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වෙයි.
(Aruna)