Tuesday, November 05, 2024
Follow Us
ඉන්ධන අර්බුදයට ‍ඕමානය පිහිටට එයි - ඩොලර් බිලියන 3.6 ක ණයක්

ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය ලබාදීමට ඕමාන් රාජ්‍යය ඉදිරිපත්ව සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙනවා.

මසකට ඩොලර් මිලියන 300 බැගින් නිදහස් කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟ වී ඇති අතර ණය මුදල ගෙවා දැමීමට වසර 05 ක සහන කාලයක්ද හිමිව ඇති බවයි බලශක්ති ඇමතිවරයා පවසන්නේ අදාල කාලසීමාව තුළ ණය වාරික හෝ පොළී ගෙවීමට සිදු නොවේ.

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ක්‍රමයෙන් පහළ යාමත් සමග ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් පවා සොයාගත නොහැකි මට්ටමට පත්ව තිබේ. මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට උදය ගම්මන්පිල මහතා පසුගිය දිනවලදී රටවල් රැසක නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබිණි. ඕමානය ණය ලබාදීමට ඉදිරිපත්ව තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

(LNW)