හෙරොයින් සහ එය නිෂ්පාදනයට යොදාගන්නා ඔපියම් වෙළෙදාම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ඉදිරියේදී එය අසල්වැසි රටවලටත් ලෝකයටත් දරැණු ප්‍රතිඵළ ගෙනදිය හැකි බව බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්රාෆ් පුවත්පත වාර්තා කර තිබෙනවා.
අනූව දශකයේ පැවති තලේබාන් පාලනය යටතේ හොරොයින් ඔපියම් වෙළෙදාම තහනම් කර තිබුණු අතර මෙවර බලයට පැමිණීමෙන් පසුව ඔවුන් සදහන් කළේ අදාළ තහනම යළි ක්‍රියාත්මක කරන බවයි.
කෙසේවෙතත්, ද ට්රෙලිග්රාෆ් පුවත්පත වාර්තා කරන අන්දමට මේ වනවිට දකුණු ඇෆ්ගනිස්තානයේ මත්ද්‍රව්‍ය වෙළෙදපළ තුළ ඔපියම් සහ ඒ ඇසුරින් නිෂ්පාදනය කළ හෙරොයින් වෙළෙදාම නිදහසේ සිදුකෙරෙනවා.
හෙල්මාන්ඩ් පළාතේ පොපි වගාකරැවන් සදහන් කර ඇත්තේ තලේබාන් සංවිධානය විසින් අදාළ තහනම පිළිබද තමන්ට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති හෙයින් මෙවර ද සම්පූර්ණයෙන්ම පොපි වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
තම ආර්ථිකය ගොඩනැගී ඇත්තේ පොපි වගාවත්, ඔපියම් නිෂ්පාදයනයත් මත බැවින් එය තහනම් කිරීම ප්‍රයෝගිකව සිදුකළ නොහැකි බව ඔවුන් සදහන් කර තිබෙනවා.
ඇෆ්ගනිස්තානය ලෝකයේ විශාලතම ඔපියම් නිෂ්පාදකයා වන අතර සමස්ත ලෝක ඔපියම් නිෂ්පාදනයෙන් පහෙන් හතරක්ම සිදුවන්නේ එරට තුළයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2018 වර්ෂයේදී ඇස්තමේන්තු කර තිබූ ආකාරයට ඇෆ්ගනිස්තාන ආර්ථිකයෙන් සියයට 11 ක්ම පොපි වගාව සහ ඔපියම් නිෂ්පාදනයට සම්බන්ධ ඉපයීම්වනවා.
(Neth)