Tuesday, November 05, 2024
Follow Us
ඉන්දීය විදේශ ලේකම්වරයා අද දිවයිනට

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්


ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුවයි.

නිවේදනයක් නිකුත් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ හර්ෂ් වර්ධන් මහතා ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

එම කාලය තුළදී ඒ මහතා මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස හර්ෂ් වර්ධන් මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.

(Aruna)